පාරිභෝගික සිහින සැබෑ කරන 'දීවා ඉඩමේ වාසනාව' අටවන වරටත් ඉඩම් හිමිකර දෙයි

පාරිභෝගික සිහින සැබෑ කරන 'දීවා ඉඩමේ වාසනාව' අටවන වරටත් ඉඩම් හිමිකර දෙයි

29 May 2019 10:00 am

පාරිභෝගික සිහින සැබෑ කරන 'දීවා ඉඩමේ වාසනාව' තරගය මගින් අටවන් වරටත් වාසනාවන්ත ජයග‍්‍රාහකයින් තිදෙනෙකුට තමන්ගේම නිවසක් තනාගැනීමට ඉඩම් හිමිකර දුන්නේය. පාරිභෝගිකයින්ට ඉතාමත් වටිනා ප‍්‍රතිලාභ ලබාදෙමින් තමන්ගේ සිහින සැබෑකර ගැනීමට සහයෝගය ලබාදෙන සන්නාමයක් ලෙසින් පාරිභෝගිකයින්ගේ ආදරය දිනා ගැනීමට දීවා සන්නාමය සමත්ව තිබේ. මෙරට පාරිභෝගිකයින් අතර ඉතාමත් ප‍්‍රසිද්ධ මෙන්ම ඔවුන් ඉමහත් ආදරය කරන දීවා වාර්ෂික 'ඉඩමේ වාසනාව' ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව පාරිභෝගිකයින් සිටින්නේ ඉහළ බලාපොරොත්තු දල්වා ගෙනයි.

මේ අනුව, වසර අටක් තුළදී දීවා 'ඉඩමේ වාසනාව' තරගය මගින් ඉතාමත් වටිනා ඉඩම් කැබලි 28 ක් මේ වනවිට වාසනාවන්ත ජයග‍්‍රාහකයින් වෙත ප‍්‍රදානය කර ඇත.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළදා පටන් මේ දක්වා මුදල් ත්‍යාග 590 කට වැඩි ප‍්‍රමාණයක්, රන්කාසි 54 ක් සහ යතුරු පැදි, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ මහන මැෂින් ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග රැසක්ද පාරිභෝගිකයින් වෙත දීවා මගින් ලබාදී තිබේ.

අටවන වරටත් පැවැත්වූ දීවා 'ඉඩමේ වාසනාව' තරගයේදී මෙවර පාරිභෝගිකයින්ට වටිනා ඉඩම් කැබලි තුනක් පිරිනැමීමට අමතරව තවත් මුදල් ත්‍යාග 90 ක්ද ප‍්‍රදානය කළේය.

පාරිභෝගිකයින්ට ඉතාමත් වටිනා ඉඩම් ලබාදෙමින් ඔවුන් ජයග‍්‍රාහකයින් කරවීමට සමාගම සිදුකරන අඛණ්ඩ කැපවීම පිළිබඳව හේමාස් මැනුෆැක්චරිං සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනී මහතා මෙසේ අදහස් දැක්වීය.

'දීවා ඉඩමේ වාසනාව පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන මගින් තමන්ගේ සිහින ඉටුකර ගැනීමට අපි පාරිභෝගිකයින්ට සහයෝගය ලබාදෙනවා. මේ දක්වා අපි විසින් පාරිභෝගිකයින්ට වටිනා ඉඩම් කැබලි 28 ක්, රන් කාසි 54 ක් සහ මුදල් ත්‍යාග 680 ක් ලබාදී තිබෙනවා. මේ පිළිබඳව අපට ඇත්තේ ඉහළ අභිමානයක්.”

දීවා ෆ්‍රෙෂ් යටතේ, දීවා ඇක්වා ලෙමන් සහ දෙහි, රෝස සහ දෙහි, සමන්පිච්ච සහ දෙහි මෙන්ම සේපාලිකා සහ දෙහි යන කාණ්ඩවලින් පුළුල් පරාසයක විහිදුණු රෙදි සේදුම් කුඩු පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කර තිබේ. මේ අතර, දීවා විසින් නව වැඩිදියුණුකළ ඩිටර්ජන්ට් සබන් පෙළක්ද වෙළඳපොළට හඳුන්වා දී තිබෙන අතර මේවා ලෙමන්, දෙහි සහ සමන්පිච්ච සුවඳින් යුක්ත වේ.

Diva 14

Diva 14

Diva 14

Diva 14

Diva 14

Diva 14

Diva 13

Diva 14

Diva 14

Diva 14

Diva 14

Diva 14

Diva 14