හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් වෙතින් TRI-ZEN ව්‍යාපෘතියේ ආයෝජනය කරන කාන්තාවන්ට විශේෂ නිවාස ණය පහසුකම්

හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් වෙතින් TRI-ZEN ව්‍යාපෘතියේ ආයෝජනය කරන කාන්තාවන්ට විශේෂ නිවාස ණය පහසුකම්

13 March 2019 10:29 am

හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියේ නිවාස සඳහා ආයෝජනය කරන කාන්තාවන්ට විශේෂ ණය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව 2019 මාර්තු 12 වැනිදා පැවති උත්සවයකදී දැනුම් දෙන ලදි. කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටා ඇති TRI-ZEN ආදර්ශ නිවාසයේදී මෙම උත්සවය පැවැත්විණි. තමන් මෙතෙක් සිහින දුටු ආකාරයේ නිවසක් මිලදී ගැනීම සඳහා කාන්තාවන්ට මෙය මහඟු අත්වැලක් වනු නිසැක ය.

නාගරික ශ‍්‍රම බලකාය තුළ කාන්තා දායකත්වය වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම කාන්තාවන් වෙතින් නගරාශ‍්‍රිත නිවාස සඳහා විශාල ඉල්ලූමක් මතුවී ඇත. ආර්ථික ශක්තිය පමණක් නොව, තමන්ටම සිය නිවාස මිලදී ගැනීම සඳහා ඔවුන් තුළ ආත්ම ශක්තිය නිර්මාණය වීම මීට ප‍්‍රධාන හේතුවක් වී තිබේ. මෙම පසුබිම යටතේ TRI-ZEN නිවාස සම්බන්ධයෙන් කාන්තාවන්ටම සුවිශේෂී වූ දීර්ඝකාලීන ණය ක‍්‍රමයක් හඳුන්වා දීමට හැටන් නැෂනල් බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹීමට ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස්  සමාගම තීරණය කර ඇත.

මේ යටතේ නිවාස වල වටිනාකමින් 80% ක් දක්වා ණය පහසුකම් හිමිවන අතර, ආපසු ගෙවීමේ කාලය වසර 25 ක් දක්වා හිමි වේ. මූලික ණය මුදල ආපසු ගෙවීම් සඳහා වසර 5 ක් දක්වා සහන කාලයක් හිමිවන අතර වසර 5 ත් 10 ත් අතර කාලයක් දක්වා ස්ථාවරව පවත්වාගත හැකි ආකර්ෂණීය පොලී අනුපාතද හිමිවනු ඇත. මේ අනුව නිවසක් වෙන්කරවා ගැනීම් සඳහා ගෙවිය යුත්තේ මුළු වටිනාකමින් 5% ක් වන අතර, ආයෝජකයාගේ කොටස් දායකත්වය 15% කි. දින 3 ක් ඇතුළත ණය මුදල සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු යොදා ඇත.

රටපුරා විසිරුණු හැටන් නැෂනල් බැංකු ශාඛා 251 අතරින් තමන් කැමති ශාඛාවකින් මෙම ණය මුදල ලබාගත හැකි වේ. ගනුදෙනුකාරියන්ට සහය වීම සඳහා වෙන්වූ නිලධාරීන් දෙදෙනෙකු බැගින් සෑම ශාඛාවකම යොදවා ඇති අතර, ගනුදෙනුකාරියන් වෙතටම පැමිණ පෞද්ගලිකව සිදුකරන උකස් සේවා සම්බන්ධ උපදේශන සේවාවක්ද ක‍්‍රියාත්මක කර ඇත.

‘‘කාන්තාවන් ලෙස අපට අපේ ජීවිත වගේම අපගේ පවුලේ අයගේ ජීවිතත් යහපත්ව පවත්වා ගැනීමේ වගකීම පැවරෙනවා. මෙහිදී නිවස යන සාධකයත් ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම රැකියා ස්ථාන සහ පාසැල් වලට නුදුරින් අපගේ නිවාස පිහිටා තිබීම අපට විශාල පහසුවක් වනවා. ඒ අතින් ගත්විට,  TRI-ZEN නිවාස ව්‍යාපෘතිය යනු ප‍්‍රායෝගික හා ලාභදායී විසඳුමක්. හැටන් නැෂනල් බැංකුව සමග එක්වී මෙම ණය ක‍්‍රමය හඳුන්වා දීම නිසා කාන්තාවන්ට මේ නිවාස මිලදී ගැනීම දැන් තවත් පහසු වී තිබෙනවා.” ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස්  සමාගමේ ප‍්‍රධාන අලෙවි නිලධාරිනිය වන රොෂානි ජයසුන්දර මොරායස් මහත්මිය පැවසුවා ය.

‘‘ඉතාමත් සහනදායී සහ පහසුවෙන් ලබාගත හැකි නිවාස ණය සේවාවන් ලබාදෙමින් ගනුදෙනුකරුවන්ගේ නිවාස සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට අප සෑම විටම උත්සාහ කරනවා. නිවාස හා දේපළ මිලදී ගැනීමට කාන්තාවන් වෙතින් පළවෙමින් පවතින උනන්දුව සහ, විශේෂයෙන්ම TRI-ZEN නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉල්ලූම ඉහළ යමින් පැවතීම නිසා, මේ ආකාරයට ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස්  සමාගම හා එක්වී නිවාස ණය ක‍්‍රමයක් හඳුන්වා දීමට අප තීරණය කළා.” හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කළමනාකරු/පුද්ගලික මූල්‍ය විසඳුම් ප‍්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසී ය.

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස්  සමාගම සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්.) සමාගම අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස ඉදිවන TRI-ZEN නිවාස ව්‍යාපෘතිය 2023 වසරේදී සම්පූර්ණ වීමට නියමිත ය. කොළඹ නගර මධ්‍යයේ පිහිටි, මහල් 53 කින් යුත් මෙම නිවාස සංකීර්ණය, නවීන පහසුකම් සහිතව, ‘සුහුරු-නිවාස’ (smart-home) සංකල්පයට අනුව ඉදි වේ.

නිවාස ණය සහ උකස් සේවාවන්ට අමතරව හැටන් නැෂනල් බැංකුව කාන්තාවන් සඳහා විශේෂ වූ ක්‍රෙඩිට් කාඞ්පත්, රක්ෂණ ක‍්‍රම, නීතිමය සහ වෙනත් ලිපිලේඛන සහය, පාරිභෝගික ළැදියා කාඞ්පත් ක‍්‍රම, නිවාස වැඩිදියුණු කිරීම සඳහා ණය පහසුකම් සහ තවත් විශේෂ සේවා හා ප‍්‍රතිලාභ රාශියක් පිරිනමයි.

හැටන් නැෂනල් බැංකුව වෙතින් කාන්තාවන් සඳහා පිරිනැමෙන විශේෂ රක්ෂණාවරණයට උකස් අඩුකිරීම් ආවරණයක් (Mortgage Reducing Policy) ණය ආරක්ෂණ ආවරණයක්, ජීවිත රක්ෂණයක් සහ වෛද්‍ය ආවරණයක්ද ඇතුළත් වේ.

එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමි කාන්තාවන්ට තවත් විශේෂ ප‍්‍රතිලාභ රැුසක් පිරිනැමීමටද මේ යටතේ සැලසුම් කර ඇත. ප‍්‍රථම වර්ෂය සඳහා කාඞ්පත් ගාස්තු අය නොවීම, වාර්ෂික වැය ප‍්‍රමාණයන් අනුව ජීවිතය කාලය පුරාම නොමිලේ හිමිවන ක්‍රෙඩිට් කාඞ්පතක්, ඇඟලූම් අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් සහ කාන්තාවන්ට විශේෂ වූ භාණ්ඩ අලෙවි කරන අලෙවිසැල් වලදී විශේෂ වට්ටම්, සීමිත කාලයක් සඳහා වැය ප‍්‍රමාණයන් අනුව මුදල් ආපසු ලබාදීමේ දීමනාවක් මෙන්ම, සීමිත කාලයකට, රු, 10,000 ට වැඩි මිලදීගැනීම් සඳහා  මාස 12 ක් දක්වා 100% ක් පොලී රහිත පහසු ගෙවීමේ ක‍්‍රමයක්ද මෙම දීමනාවන්ට ඇතුළත් වේ.

ලොව පිළිගත් 'Banker' සඟරාව මගින් ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට නම්කර ඇති හැටන් නැෂනල් බැංකුව එම ලයිස්තුවේ ඉහළින්ම සිටින දේශීය බැංකුවද වේ. මෑතකදී එම බැංකුව වෙත 'The Asian Banker' සඟරාව පිරිනමන 'Best Retail Bank 2018' සම්මානයද, 'Asiamoney Awards 2018' හිදී Best SME Bank" Best Digital Bank සහ the Best Cash Management Bank in Sri Lanka සම්මානද හිමි විය.

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11

HNB JK 11