AMW සමාගම ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ ස්කූටර් හිමිකරුවන් සුරක්ෂිත කිරීම සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමග අත්වැල් බැඳ ගනී

AMW සමාගම ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ ස්කූටර් හිමිකරුවන් සුරක්ෂිත කිරීම සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමග අත්වැල් බැඳ ගනී

1 February 2019 08:30 am

ජාත්‍යන්තර මට්ටමේ රථ වාහන සන්නාම රැසක් මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමග නව සබඳතාවකට එළඹ තිබේ.
 
මෙම සබඳතාව හරහා AMW සමාගමෙන් මිලදී ගන්නා සෑම යතුරුපැදි, ත්‍රීරෝද රථ සහ ස්කූටර්වල ටයර් සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමෙන් නොමිලේ රක්ෂණාවරණයක් හිමිවේ. 
 
මේ අනුව මින් ඉදිරියට AMW ටයර් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුට ම පැය 24 පුරා ක්‍රියාත්මක රු 250,000 කින් වටින හදිසි අනතුරු රක්ෂණයක් හිමිවේ. 
 
රක්ෂණ හිමියා හදිසි අනතුරු මරණ හෝ ස්ථිර අබාධිත තත්ත්වවලදී මෙම රක්ෂණාවරණය යටතේ ආවරණය කෙරේ. 
 
AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස්, එම සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂ ලසන්ත විජේවීර සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම නියෝජනය කරමින් එම සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ උපාලි විතාරණ, සාමන්‍යාධිකාරී රොෂාන් රණසිංහ, නියෝජ්‍ය සාමන්‍යාධිකාරී සේනක රාජපක්ෂ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 
 
යතුරුපැදි සඳහා වන Mor-Max ටයර්, ත්‍රීවිල් සඳහා වන Epic Hi-Max ටයර් සහ ස්කූටර් සඳහා වන Epic Ray-Max ටයර් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවන අතර දිවයින පුරා පිහිටි AMW අලෙවි නියෝජිත ජාලය හරහා එම ටයර් මිලදීගත හැකිය. 
 
ඕනෑම මාර්ග තත්ත්වයකට ඔබින ආකාරයෙන් නූතන රටාවෙන් නිමවා ඇති මෙම ටයර් අසමසම සමබරතාවක් සහ තිරිංගවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් යුක්තය.
 
ඝට්ටන මට්ටම අඩු නිසා මෙම ටයර් උපරිම ඉන්ධන පිරිමැස්මක් හිමිකර දෙයි. 
 
සියලු ම ටයර් කළුතර පිහිටි AMW සමාගමෙහි නවීන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන අතර එම කර්මාන්ත ශාලාව සඳහා ISO 9001:2008 තත්ත්ව කළමනාකරණ පද්ධතිය, ISO 14001:2004 පාරිසරික කළමනාකරණ පද්ධතිය සහ EU REACH අනුකුලතා සහතිකය ඇතුළු ජාත්‍යන්තර සහතික රැසක් හිමිවී ඇත. 
 
"මෙරට වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක් වන්නේ ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ ස්කූටර් බව සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වනවා. සාමාන්‍ය ජනතාවගේ ගමනාගමන අවශ්‍යතාව සපුරාලන්නේ මෙම වාහන මගින් වුවත් එම වාහනවල ආරක්ෂාව පිළිබඳ නිසි අවධානයක් යොමුවී නැහැ"
 
"ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම රක්ෂණ සමාගම වන සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමග ඇතිකර ගත් මෙම සබඳතාව හරහා ජනතාවට පරිපූර්ණ රක්ෂණාවරණයක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. AMW ටයර් අනතුරු අවම වන පරිදි මගීන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානය ලබාදෙමින් නිෂ්පාදනය කෙරෙන බැවින් එම ටයර් මිලදී ගන්නා පාරිභෝගිකයන් හට දැන් වඩාත් සුරක්ෂිතව ගමන් - බිමන් යාමට හැකිවනවා"
 
"AMW සමාගමේ විශේෂඥ දැනුමින් නිෂ්පාදනය කෙරෙන උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සහ මෙරට ප්‍රමුඛත ම රක්ෂණ සමාගම ලබාදෙන රැකවරණය තුළින් අපට ජනතාවට සිය ආදරණීයයන් සමග උපරිම ආරක්ෂාවෙන් යුතුව මහමග ගමන් කිරීමේ අවස්ථාව හිමිකර දීමට අප කටයුතු කරනවා" යනුවෙන් AMW සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂ ලසන්ත විජේවීර මහතා සඳහන් කළේය. 
 
1949 දී ස්ථාපනය කෙරුණු AMW සමාගම පසුගිය වසර 70 පුරා මෙරට කීර්තිමත් සමාගම් සමූහයක් බවට පත්ව තිබේ. 
 
එම සමාගම Yamaha, Nissan, Suzuki, Renault සහ Piaggio ආදී ලෝක ප්‍රකට සන්නාම මෙන්ම Sonax මෝටර් රථ සේවා පෙළ, Castrol ලුබ්‍රිකන්ට්ස් සහ New Holland ට්‍රැක්ටර් ආදී ඒකාබද්ධ නිෂ්පාදන ද මෙරට පාරිභෝගිකයන් වෙත පිරිනමයි. 
 
දිවයින පුරා විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් සහ අමතර කොටස් පිරිනමන එම සමාගම AMW Capital Leasing හරහා මුල්‍ය විසඳුම් ද, AMW Automall හරහා විශ්වසනීය පෙර-හිමිකම් වාහන ද මෙරට ජනතාවට ලබාදෙයි. 
 
2008 වසරේදී එම සමාගමට AI-Futtaim සමූහයට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) සමාගමේ කළමනාකරණ විශේෂඥතාව හිමිවිය. 
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැවැන්ත සමාගම් සමූහයක් වන AI-Futtaim සමූහය, මෝටර් රථ, විදුලි උපකරණ, රක්ෂණ, සේවා, දේපළ වෙළඳාම්, පාරිභෝගික භාණ්ඩ සහ විදෙස් මෙහෙයුම් ආදී විවිධ අංශ රැසක් යටතේ ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ඒකාබද්ධ වාණිජ, කාර්මික සහ සේවා සමූහයක් වේ.
 
CR
 
{gallery}amw{/gallery}