ඉන්දීය දෙවැනි පෙළ තෙවැනි පෙළක් වෙයි - පඩික්කල්, ගයික්වාඩ්, සකාරියා, රානා 20/20 වරම්

ඉන්දීය දෙවැනි පෙළ තෙවැනි පෙළක් වෙයි - පඩික්කල්, ගයික්වාඩ්, සකාරියා, රානා 20/20 වරම්

28 July 2021 07:44 pm

කොවිඩ් අවදානම හේතුවෙන් කල්දැමුණු ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි 20/20 තරගය අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දීය කණ්ඩායමේ කෘනාල් පාන්ඩ්‍යාට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ අතර ඒ අනුව ඔහුගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති තවත් ක්‍රීඩකයන් 07 දෙනෙකුටද අද තරගය අහිමි වී තිබේ. ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන්නේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෙස වන අතර මෙම තත්වය හමුවේ එය තෙවැනි පෙළ කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමට අද තරගය ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන්නේ පිතිකරුවන් 05 ක් සහ පන්දු යවන්නන් 06 ක් සමගිනි. රුතුරාජ ගයික්වාඩ්, දෙව්දුත් පඩික්කල්, චේතන් සකාරියා, නිටිෂ් රානා යන ක්‍රීඩකයන් අද ජාත්‍යන්තර 20/20 වරම් හිමි කරගෙන තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් සියලු දෙනාම ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ වසර කිහිපයක අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තරගයක් දෙනු ඇත.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර චරිත් අසලංක සහ අශේන් බණ්ඩාර වෙනුවට සදීර සමරවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් තරගයට කැඳවා තිබෙනවා. සදීර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන්නේ වසර කිහිපයකට පසුවයි. රමේෂ් අද 20/20 ජාත්‍යන්තර වරම් දිනා ගනී.

UN