අඛණ්ඩව ඔලිම්පික් උළෙල 08 ක් නියෝජනය කළ උස්බෙක් ජිම්නාස්ටික් රැජින ටෝකියෝවේදී සමු ගනී !

අඛණ්ඩව ඔලිම්පික් උළෙල 08 ක් නියෝජනය කළ උස්බෙක් ජිම්නාස්ටික් රැජින ටෝකියෝවේදී සමු ගනී !

27 July 2021 03:00 pm

සියවස් කාලකට ඉක්මවන කාලයක් තිස්සේ නොකඩවා ඔලිම්පික් උළෙල 08 ක් නියෝජනය කළ උස්බෙකිස්තාන් ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඔක්සානා චුසොවිටිනා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව නිවේදනය කළාය. ඒ මෙවර ඔලිම්පික් උළෙලේ සිය තරග ඉසව්ව අවසන් කරමිනි.

ඔලිම්පික් තරගාවලි 08 ක් නියෝජනය කළ එකම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තාවක් තබා ඇති අතර ඇය රටවල් තුනක් නියෝජනය කරමින් ඔලිම්පික් තරගවලට එක් වූ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකුද වේ.

1991 වසරේ රුසියානු සමාජවාදී සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසුව බිඳවැටුණු රටවල් එක්ව Unified Team නමින් 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියට එක් වූහ. ඔක්සානා එම කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර ඉන් අනතුරුව 1996, 2000, 2004 තරගාවලි සඳහා උස්බෙකිස්තානය නියෝජනය කරමින් ඔලිම්පික් නියෝජනය කළාය. ඉන් අනතුරුව 2008, 2012 තරගාවලි සඳහා ජර්මනිය නියෝජනය කළ ඔක්සානා යළිත් 2016 රියෝ සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා උස්බෙකිස්තානය නියෝජනය කළාය.

මේ වනවිට 46 හැවිරිදි වියේ පසුවන ඔක්සානා ඔලිම්පික් ගමන් මග තුළ එක් රන් පදක්කමකට සහ රිදී පදක්කමකට හිමිකම් කියනවා. මීට අමතරව ලෝක මට්ටමේ තරගාවලිවලදී ඇය රන් පදක්කම් 8 ක් රිදී පදක්කම් 13 ක් හා ලෝකඩ පදක්කම් 9 ක් දිනාගෙන සිටී.

UN