පැරණි ට්වීට්, එංගලන්ත නායක මෝගන්ගේ සහ බට්ලර්ගේ පස්සෙනුත් එයි

පැරණි ට්වීට්, එංගලන්ත නායක මෝගන්ගේ සහ බට්ලර්ගේ පස්සෙනුත් එයි

9 June 2021 11:52 am

යොවුන් වියේදී වර්ගවාදී ට්විටර් පණිවුඩ නිකුත් කර තිබීම හේතුවෙන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදු විය. සිය පළමු තරගයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් චාරිකාවට තිත තැබීමට සිදුවීමේ අවදානමකට ‍ඔහු මුහුණ දී සිටී.

මේ අතර එංගලන්ත සීමිත ඕවර් කණ්ඩායමේ නායක ඔයින් මෝගන්ගේ සහ කඩුලු රකින ක්‍රීඩක ජොෂ් බට්ලර්ගේ පැරණි ට්වීට් ගැටලුවක්ද මතුව තිබෙනවා. 2018 වසරේදී ඔවුන් දෙදෙනා ඉන්දියානු ප්‍රේක්ෂකයන් උපහාසයට ලක් කරමින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩ කිහිපයක් සම්බන්ධයෙන් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය විමර්ශන සිදු කරමින් සිටී.

අදාල ට්වීට් සම්බන්ධයෙන් කතාබහට ලක්වීමත් සමග බට්ලර් විසින් එම ට්වීට් සිය ගිණුමෙන් මකා දමා ඇති බවයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෝගන් සහ බට්ලර් සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.

මෙම ගැටලුව හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දැඩි තැතිගැනීමකට ලක්ව ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස ඇන්ඩර්සන් පවසන්නේ පසුගිය සතිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉතා දුෂ්කර කාලසීමාවක් වූ බවයි. ක්‍රීඩකයන් වශයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිවැරදිව තේරුම් ගනිමින් සිටින බවත්, යළිත් මෙවැනි ගැටලුවක් ඇතිවීමට ඉඩ නොතැබීම ක්‍රීඩකයන්ගේ වගකීමක් බවත් ඔහු සඳහන් කරනවා.

UN

වර්ගවාදී අදහස් ට්වීට් කළ ඔලී රොබින්සන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් චාරිකාව නිමා වෙයිද ?
ඔලී රොබින්සන්ට ලබාදුන් දඬුවම ඕනෑවට වඩා පැහෙන්න යාමකි - රොබින්සන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති පෙනී සිටී !