නායකත්වය බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ - කුසල් පළමු මාධ්‍ය හමුවේදී පවසයි

නායකත්වය බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ - කුසල් පළමු මාධ්‍ය හමුවේදී පවසයි

13 May 2021 09:16 pm

තමන් කිසි විටෙකත් නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයෙකු නොවන බවත්, කෙසේ නමුත් ලැබුණු වගකීම හොඳින් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා සීමිත ඕවර් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස පත් වූ කුසල් ජනිත් පෙරේරා පවසනවා. එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ අද (13) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

කණ්ඩායමේ නායකත්වය තමන් වෙත ලබාදුන්නේ දීර්ඝකාලීන සැළසුමකටද එසේ නැතහොත් තාවකාලිකවද යන්න පිළිබඳව තමන් නිශ්චිතව නොදන්නා බවද කුසල් ජනිත් පවසනවා. නායකත්වය ලැබූ පමණින් විශාල වෙනස්කමක් සිදුකළ හැකි යැයි තමා විශ්වාස නොකරන බවත් කෙසේ නමුත් කණ්ඩායමේ සාමාජිකයන්ගේ හැකියාවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගෙන් උපරිමය ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඔහු පවසනවා.

කණ්ඩායමේ පිතිකරණ ස්ථානය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුසල් සඳහන් කළේ ආරම්භක පිතිකරුවන් කිහිප දෙනෙකු තරගාවලියට නම්කර සිටින හෙයින් අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි. අවශ්‍යතාවයක් මතු වුවහොත් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පවසනවා.

එක්දින තරග 03 කින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.

UN