ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෙකුටත් කොරෝනා

ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෙකුටත් කොරෝනා

9 May 2021 08:31 pm

බංග්ලාදේශ සහ එංගලන්ත තරග සංචාරය ඉලක්ක කර ගනිමින් නම්කර තිබූ මූලික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ධනන්ජය ලක්ෂාන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

මූලික සංචිතයේ ක්‍රීඩකයන් පසුගිය දිනවලදී පුහුණුවීම්වල නිරත වූ අතර කෙසේ නමුත් ධනන්ජය ලක්ෂාන් බංග්ලාදේශ සංචාරය සඳහා නම්කර නොමැත.

ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙන අතර එහිදී ඔවුන් එක්දින තරග 03 කට සහභාගි වේ.

එම කණ්ඩායමේ ක්‍රීඩකයන්ටද වෛරසය ආසාදනය වීමේ අවදානමක් මතුව ඇති අතර එසේ වුවහොත් තරගාවලිය පැවැත්වීමේ අවිනිශ්චිත තත්වයක් උදා වී තිබේ.

UN