IPL තරගාවලිය අත්හිටුවයි ! කණ්ඩායම් තුනකින් ආසාදිතයන් හමුවෙයි !

IPL තරගාවලිය අත්හිටුවයි ! කණ්ඩායම් තුනකින් ආසාදිතයන් හමුවෙයි !

4 May 2021 02:27 pm

2021 ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. ඊට ආසන්නතම හේතුව තරගාවලිය සඳහා එක්ව සිටින කණ්ඩායම් අටෙන් කණ්ඩායම් තුනකින්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමයි.

ඊයේ දිනයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි. ඉන් පසුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිළධාරීන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්වය ඉහළ යාමත් සමග මීට දින කිහිපයකට පෙර කණ්ඩායම් කිහිපයක විදෙස් ක්‍රීඩකයන් පිරිසක් තරගාවලියෙන් ඉවත්ව සියරට බලා පිටවත්ව ගිය අතර රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු ඉන්දියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද තරගාවලියෙන් ඉවත් විය.

මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ තරගාවලිය කල්දැමීමට තීරණය කළ බවයි IPL ප්‍රධානී බ්‍රිජේෂ් පටෙල් පවසන්නේ.

UN