හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේදී රෝහල්ගත කෙරේ

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේදී රෝහල්ගත කෙරේ

19 April 2021 07:11 am

ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

හදිසියේ ඇතිවූ හෘද රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල්ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

මුත්තයියා මුරලිදරන් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලියේ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමෙහි දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටී. 

RN