IPL 2021 Chennai Super Kings ප්‍රථම ජයග්‍රහණය සනිටුවහන් කරයි

IPL 2021 Chennai Super Kings ප්‍රථම ජයග්‍රහණය සනිටුවහන් කරයි

18 April 2021 12:20 am

IPL තරඟාවලියේ 8 වැනි තරඟය පැවැත්වුණේ Mumbai Vankhede ක්‍රීඩාංගනයේ Chennai Super Kings සහ Punjab Kings අතරයි.

මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් Chennai Super Kings නායක M.S Dhoni තමා සහභාගී වන 200 වැනි IPL තරඟයට අවතීර්ණ වෙමින්.සුපුරුදු ලෙසින් ඔහු මුලින් තිරණය කළේ පන්දු යැවීමටයි. Punjab Kings ඉනිමේ මුල් කඩුලු 5 බිඳවැටෙන්නේ පන්දු වාර 6 තුළදී මුලු ලකුණු 26 ක් ව තිබියදී.

Deepak Charr IPL ඉතිහාසයේ ඔහුගේ අගනාම පන්දු යැවීම තුළින් Chris Gale සහ Deepak Hooda ලකුණු 10 බැගින් ලබා තිබියදී සහ Nicolas Pooran Manyak Agrawal ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුනා. මුල් කඩුල 5 මලු ලකුණු 26 තුළ බිඳ වැටීම තුළින් සනාත වුනේ තවදුරටත් Vankhede තනතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් නොවන බවයි.

ඉන්පසු ක්‍රීඩා පිටියට පිවිසි Sharukah Khan හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් තම කණ්ඩායම වෙනුවෙන් පන්දු 36 කට ලකුණු 47 රැස් කරදුන්නා. Jhye Richardson පන්දු 15 ක ට ලකුණු 22 ක් ලබා ගත්තා. Punjab Kings ඉණිම අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ කඩුලු 8 දැවී ලකුණු 106 ක් පමණයි. පන්දු යැවීමේදී Deepak Chahar ලකුණු 13 කට කඩුලු 4යි. Moeen Ali Dwayne Bravo Sam Curran එක කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායම ඉදිරියේ ලකුණු 107 පහසු ඉලක්කයක් වූ අතර මුල් කඩුල්ල බිඳ වැටුනේ මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් ව තිබියදී. ඒ Arshdeep Singh යැවූ පන්දුවකට Hooda අතට උඩ පන්දුවක් ලබා දෙමින් Gaikwad ලකුණු 5 ක් ලබා තිබියදී. ඉන් අනතුරුව Moeen Ali සහ Duplesis ඉවසිලිවන්තව ක්‍රීඩා කරමින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනඟන අතර Moeen Ali දැවී යාමෙන් අනතුරුව Suresh Raina ලකුණු 8 ක ටත් Ambati Rydhu ලකුණු නොලබාම දැවී යන්නේ පහලොස් වැනි පන්දු වාරයේයි.

ඉන් අනතුරුව ක්‍රීඩා පිටියට පිවිසි Sam Curran 16 වැනි පන්දු වාරය තුළදී ජයග්‍රාහි ලකුණ ලබාගනිමින්  Chennai Super Kings මෙවර IPL තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළා. Chennai Super Kings කණ්ඩායම ලකුණු 107 යි කඩුල 4 කට Punjab Kings කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු 106 ට පිළිතුරු වශයෙන්.

Moeen Ali පන්දු 31 කට ලකුණු 46 Du Plessis පන්දු 33 කට ලකුණු 36. Punjab Kings කණ්ඩයම පන්දු යැවීමේදී Shami ලකුණු 21 කඩුලු 2 ක් ද Arshdeep Singh සහ Murugan Ashwin එක කඩුල්ල බැගින් ද ලබා ගත්තා.

තරඟයේ වීරයා Deepak Chahar

අද තරඟය SRH සහ Mumbai Indians අතර යි Chennai Chidambaram ක්‍රිඩාගනයේදී.

For Cricket on the Go
Rohitha Perera.