කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සාරාංශය (Podcast)

කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සාරාංශය (Podcast)

1 April 2021 11:01 am

සුබ දවසක් ක්‍රීඩාලෝලී අසනන්නනි, Cricket on the Go වැඩසටහනින් ඔබ හා සමග එක්වන මා රෝහිත පෙරේරා.

අද මගෙ අවධානය යොමු වන්නේ  Sri Lanka කන්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර Antiguaහි Sir  Vivian Richard ක්‍රීඩංගනයේ පැවැත්වෙන  දෙවැනි සහ අවසාන ටෙසට් තරගයේ දෙවන දිනයටයි.

මෙම ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (30) ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල තම ඉනිම අවසන් කලේ ලකුණු 354 ක් රැස් කර ගැනිමින්. ඔවුන් එම ලකුනු 354 ලබා ගැනීම සඳහා ඕවර 111.1 කට මුහුණ දුන් අතර ඊට පිලිතුරු වශයෙන් ශ්‍රී ලංකා කන්ඩායම දිනය අවසානෙය්දී කඩුලු 3 කට ලකුනු134 ක් රැස් කලා.

ආරම්භක පිතිකරු, නායක දිමූත් කරුණාරත්න පන්දු 17 කට මුහුණ දී ලබා ගැනීමට හැකි වුයේ එක ලකුණක් පමනි. අල්සාරි ජෝශප් යැවූ පන්දුවකට න්කෘමා බොනර් වෙත උඩ පන්දුවක් ලබාදීමෙන් ක්‍රඩා පිටියෙන් නික්ම ගියේ බලාපොරාත්තු අහිමි වූ ක්‍රිඩකයෙකු ලෙසිනි. මෙතෙක් මෙම ටෙස්ට් තරග දෙකෙදීම නායක දිමුත් ලකුණු අතරට නොපැමිණීම කණගාටුවට කරුණක්. නායකයාගෙ දැවීයාමත් සමග පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 34 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18 ක් ලබා සිටීයදී දැවී ගියේ කයිල් මේයර්ස් යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. එම දැවීයාමත් සමග පිටියට පිවිසි ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23 ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා කන්ඩායම වැටී සිටි අසීරු තත්වයෙන් ගොඩ ගැනීමට මෙම ක්‍රිඩකයන් දෙදෙනා ඉතාමත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව ක්‍රීඩා කලා  යැයි කියන්නට පුලුවන්. බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ මනා පන්දු යැවීම ඉදිරියේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ පිතිකරණය කාගේත් පැසසුමට ලක්වුනා.



තිරිමාන්නගේ කඩුල්ල දැවීයාම ශ්‍රී ලංකා ඉනිමට දැඩි බලපෑමක් වූ අතර ඔහුගේ අනගි ඉනිම අවසන් වුනේ කෙමාර් රෝච් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන්. ඔහුගේ ලකුණු 55 පන්දු 106 කට ලබා ගත් අතර එම ලකුනු 55 ට හතරේ පහර 6 ක් අයත් විය. ඔහු මෙම සංචාරයේදී ලබා ගත් තුන්වන ටෙස්ට් අර්ධ ශතකයයි. කෙතරම් හොඳින් බටහිර කොදෙව් කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු යැව්වාද කිවහොත් ධනන්ජයට ලකුණු 23 ලබා ගැනීමට පන්දු 93 කට මුහුණදීමට සිදුවුනා.

පළමු දිනයේ ගෞරවය දිනාගත් රකීම් කෝර්න්වෙල් තමාගේ දෙවැනි අර්ධ ශතකය වර්තා කළේ අගනා ලකුනු 73 ක් රැස් කර ගනිමින්. එම ලකුණු 73 ට හතරේ පහර 10 ක් සහ එක හයේ පහරක් ඇතුළත් වුනා. මෙම තරගයේ මේ වනවිට වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක බ්‍රැත්වේයිට් සහ කෝර්න්වෙල් යන ක්‍රඩකයන් දෙදෙනායි.

පෙර දින නොදැවී ලකුණු 99 ක් ලබා සිටි බ්‍රැත්වේයිට් සිය නවවැනි ටෙස්ට් ශතකය ලබා ගැනීම සඳහා මිනිත්තු 514 ක් කඩුල්ලේ රැඳී සිටි අතර පන්දු 311 කට මුහුන දුන්නා. හතරේ පහර 13 ක් සමඟින් ලබා ගත් මුලු ලකුණු 126 ක් විය. බ්‍රැත්වෙයිට්ගේ කඩුල්ල ලබාගත් සුරංග ලක්මාල් තමාගේ සිව්වැනි කඩුල්ල ලබා ගනිමින් තම කණ්ඩායමට මහත් ගෞරවයක් අත් කර දුන් අතර මෙතෙක් මෙම තරගයේ හොඳම පන්දු යවන්නා ඔහු වීමද විශෙෂත්වයකි.

ඒ සමගම ක්‍රීඩා තොරතුරු සංග්‍රහය අදට අවසන් වෙනවා. Cricket on the Go තුලින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගෙන් සමු ගන්නා මා රෝහිත පෙරේරා