විස්සයි විස්ස තරගාවලියේ ජය බටහිර ඉන්දීය කොදෙව් පිලට

විස්සයි විස්ස තරගාවලියේ ජය බටහිර ඉන්දීය කොදෙව් පිලට

8 March 2021 07:07 am

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තුන්වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් අත්පත් කරගත්තේය. 

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීම තෝරාගත් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 131ක් පමණි. 

එම ලකුණු සංඛ්‍යාව හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුළු 07ක් දැවී පන්දුවාර 19ක් තුළ එම ඉලක්කය පසුකිරීමට සමත් විය. 

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2 - 1ක් වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ජයග්‍රහණය කරන ලදී. 

RN