වාස්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවත් උණුසුම් කරයි (Video)

වාස්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවත් උණුසුම් කරයි (Video)

23 February 2021 01:04 pm

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය.

විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසා සිටියේය. ඔහු සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට ලක්ෂ ගණනින් පඩි වැඩි කරද්දී, දක්ෂ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චමින්ද වාස් වැනි පුද්ගලයෙකු ඉල්ලා සිටි ඔහුගේ වටිනාකම ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බව සඳහන් කළේය.

ඊට පිළිතුරු ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු ලෙස බඳවා ගැනීමේදී ඔහුගේ දක්ෂතාවය අනුව ඔහුට නියමිත නිසි වටිනාකම ලබාදී ඇති බවයි. ඊට අමතරව ඒ ඒ තරගාවලියට අදාල තරගාවලි ගාස්තුවද ගෙවීමට ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති බවත්, ගැටලුව වී තිබෙන්නේ එයටත් අමතරව තවමත් ගෙවීමක් ලබාදෙන ලෙස චමින්ද වාස් ඉල්ලීමක් කර ඇති බවත් ක්‍රීඩා ඇමතිවරයා පවසනවා. අදාල අමතරව ගාස්තුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වාස් ඉල්ලා අස් වී ඇති බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

ඔහු පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කණගාටුවට පත්වන බව ඇමතිවරයා පවසනවා. තරගාවලියකට සහභාවීමට පැය කිහිපයක් තිබියදී ඔහු ඉල්ලා අස්වීම හේතුවෙන් අවසානයේ අර්බුදයට ලක්වන්නේ ක්‍රීඩකයන් බවත්, විශේෂයෙන් ඉදිරි ලෝක කුසලානයට තරුණ කණ්ඩායමක් සූදානම් කරමින් සිටියදී මෙසේ එකවර ඉල්ලා අස්වීම බරපතල හරහා වැඩිම අසාධාරණය වන්නේ එම තරුණ ක්‍රීඩකයන්ට බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

UN