ජෝ රූට්ගෙන් ලංකාවට එරෙහිව පිට පිට දෙවැනි ශතකයත්

ජෝ රූට්ගෙන් ලංකාවට එරෙහිව පිට පිට දෙවැනි ශතකයත්

24 January 2021 12:14 pm

ශ්‍රී ලංකා-එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් තරගාවලියේ දෙවැනි ශතකයත් වාර්තා කිරීමට සමත් විය. පළමු තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් (228) ලබාගත් රූට් මේ වනවිට දෙවැනි තරගයේ පළමු ඉනිමේ ලකුණු 105 ක් ලබා ගනිමින් නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.

වත්මන් ටෙස්ට් පිටියේ හොඳම පිතිකරුවන් කිහිප දෙනා අතර සිටින ‍රූට් පසුගිය කාලයේදී ශතක හිගයකට මුහුණ දී සිටියේය. අවසන් වරට ඔහු 2019 වසරේ නොවැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී ලකුණු 226 ක් වාර්තා කළ අතර ඉන් පසු ක්‍රීඩා කළ 09 තුළ ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 68 කි.

සිය ජාත්‍යන්තර තරග දිවියේ 99 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටි ජෝ රූට් ඉනිම 180 කදී ලකුණු 8154 ක් රැස් කරගෙන සිටී. පන්දුවට පහරදීමේ සාමාන්‍යය 49.41 ක් වන අතර ශතක 19 ක් හා අර්ධ ශතක 49 ක් වාර්තා කරගෙන තිබේ.

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුනු 381 ක් රැස් කරගත් අතර එංගලන්තය තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු හතරක් දැවී ලකුණු 181 ක් රැස් කරගෙන සිටී.

තරගයේ ලකුණු පුවරුව

UN