එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෙකු විෂමාචාර හා අශෝභන ලෙස හැසිරී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා පවසනවා.
ද මෝනිං වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබුණේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ, පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ තරුණ ක්‍රීඩකයෙකු මෙම විනය විරෝධී ක්‍රියාවට සම්බන්ධ බවයි.
මෙම පුවත පළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් දැඩිලෙස කලබලයට පත්ව ඇති අතර පසුගිය කාලසීමාව තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රය තුළ සිදු වූ සිදුවීම් දෙස බැලීමේදී මෙම සිදුවීම අසත්‍යයක් නොවිය හැකි බවයි බොහෝ දෙනා පවසන්නේ. මෙම චොදනාව සම්බන්ධයෙන් තවමත් ක්‍රිකට් ආයතනය නිවේදනයක් හෝ නිකුත් නොකර තිබීම ක්‍රීඩාලෝලීන්ගේ සැකය තවදුරටත් තහවුරු කරයි.
මේ අතර ජාතික පුහුණුකරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැනි අසත්‍ය කරුණු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ක්‍රීඩාලෝලීන් ලැජ්ජා වියයුතු බවයි. මෙය අපකීර්තිමත් වාර්තාකරණය ලෙස හැඳින්විය හැකි බවද මිකී ආතර් පවසනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රීඩකයන් සිටින බැවින් එවැනි තත්වයක පිටස්තර කිසිදු පුද්ගලයෙකුට ක්‍රීඩකයන් සමග එක්විය නොහැකි බවයි.
UN
Shame on you for believing this rubbish!Do you honestly believe this can happen in a bio secure bubble......scandalous reporting!! https://t.co/UbAQYT8j4y
— Mickey Arthur (@Mickeyarthurcr1) January 20, 2021
2021-02-27 22:10:00
2021-02-27 20:29:00
2021-02-27 19:54:00
2021-02-27 19:33:00
2021-02-27 18:32:00