සංගක්කාර නැවතත් IPL තරගාවලියට

සංගක්කාර නැවතත් IPL තරගාවලියට

20 January 2021 10:09 pm

2021 ඉන්දියානු ප්‍රීමියර් ලීග තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩා‍යමේ අධ්‍යක්ෂවරයා ලෙස සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තෝරාගෙන තිබෙනවා. ඔහු ඉන්දියානු ප්‍රීමියර් ලීගය හා එක්වන්නේ වසර ගණනාවකට පසුවයි.

රාජස්තාන් රෝයල් බළධාරීන් මෙවර තරගාවලියට අදාලව විශේෂ තීන්දු කිහිපයක් ගෙන තිබෙනවා. ඉන් විශේෂතම කරුණ වන්නේ පසුගිය වර නායකයා ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ස්ටීවන් ස්මිත් කණ්ඩායමෙන් නිදහස් කිරීමයි. ඔහු වෙනුවට ඉන්දීය ක්‍රීඩක සංජු සැම්සන් නායකත්වයට තෝරාගෙන තිබෙනවා.

කණ්ඩායමේ හිමිකරු මනෝජ් බාඩ්ලේ මහතා පවසන්නේ කඩුලු රකින්නෙකු කණ්ඩායම මෙහෙයවීම කණ්ඩායමට අමතර ශක්තියක් වනු ඇති බවයි.

පසුගිය IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුවද මෙම වසරේ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට තරග සංවිධායකයන් සැළසුම් කර තිබෙනවා. 

UN