මැල් ක්‍රිකට් කළමනාකාර තනතුරට සමුදීමට සූදානමින්

මැල් ක්‍රිකට් කළමනාකාර තනතුරට සමුදීමට සූදානමින්

20 January 2021 01:13 pm

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරින් සමු ගැනීමට අසන්ත ද මැල් මහතා තීරණය කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

2019 වසරේ සිට ඔහු තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සහ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

කළමනාකාර ධුරයෙන් සමු ගත්තද තවදුරටත් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන බවයි අසන්ත ද මැල් මහතා වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ නමුත් මෑත භාගයේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු වූ තේරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අතර දිගින් දිගටම අසාර්ථ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ඔහුගෙන් වි‍ශේෂ සැලකිලි ලැබෙන බවටද චෝදනා එල්ල විය. මේ නිසා ක්‍රීඩාලෝලීන් බහුතරයකගේ අදහස වන්නේ ඔහු තේරීම් කමිටු සභාපති තනතුරින් ඉවත් වියයුතු බවයි.

UN