චමරි - ශෂිකලා IPL කාන්තා ලීගයට

චමරි - ශෂිකලා IPL කාන්තා ලීගයට

7 October 2020 01:01 pm

නොවැම්බර් මස 04 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන IPL කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන තෝරාගෙන තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සමගාමීව මෙම කාන්තා තරගාවලිය පැවැත්වේ. කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ තුන්වැනි වරටයි.

චමරි සහ ශෂිකලා මෙම මස අග භාගයේදී ඩුබායි බලා පිටත්ව යාමට නියමිත අතර දින 06 ක නිරෝධායන කාලසීමාවකින් පසුව ඔවුන් දෙදෙනා සිය කණ්ඩායම් සමග එකතු වනු ඇත.

මෙවර IPL කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අමතරව බංග්ලාදේශ, කොදෙව් සහ එංගලන්ත ක්‍රීඩිකාවන් ද සහභාගි වේ.

UN