ඉන්දීය සුපිරි සිනමා තරු LPL ආක්‍රමණය කිරීමට සූදානමින්

ඉන්දීය සුපිරි සිනමා තරු LPL ආක්‍රමණය කිරීමට සූදානමින්

4 September 2020 05:00 pm

ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගැනීම සඳහා ඉන්දීය සුපිරි සිනමා තරු සහ ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බව මුම්බායි මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙම තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නැයි සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට ආරාධනා ලැබී ඇති බව මීට පෙරද වාර්තා වූ අතර එම ලැයිස්තුවට මේ වනවිට සුපිරි බොලිවුඩ් නිළි ප්‍රිටි ෂින්ටා මෙන්ම ජනප්‍රිය හා සම්මනලාභී චිත්‍රපට නිෂ්පාදකයෙකු වන රොනී ස්ක්‍රෙව්වාලාද ඇතුළත්ව තිබෙනවා.

ෂාරුක් ඛාන් මේ වනවිටත් ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ කොල්කට් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රීමියර් ලීගයේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනවා. ප්‍රිටි ෂින්ටා ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ කිංග්ස් IX කණ්ඩායමේ හිමිකාරීත්වය දරනවා.

මීට අමතරව නෙස් වාඩියා, මෝහිත් බර්මන් යන ව්‍යාපාරිකයන්ද ලංකා ප්‍රීමියර් ලීග් සමග එකතුවීමට ඉඩ තිබෙන බවයි මුම්බායි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෙම තරගාවලියට කණ්ඩායම් පහක් තරග වැදීමට නියමිත අතර මේ වනවිටත් ගාල්ල නගයර කේන්ද්‍ර කරගත් කණ්ඩායම පකිස්තානු ව්‍යාපාරිකයෙකු විසින් මිලදීගෙන තිබෙනවා.

UN