ICC ප්‍රධානියා ඉල්ලා අස්වෙයි !

ICC ප්‍රධානියා ඉල්ලා අස්වෙයි !

2 July 2020 09:48 am

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු එම තනතුරින් ඉල්ලා අස් වූයේ වසර 04 ක සේවා කාලයකින් පසුවයි.

2015 වසරේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන් පත් වූ මනෝහර් මහතා 2016 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් විය. ඒ ඉතිහාසයේ පළමු ස්වාධීන සභාපතිවරයා ලෙසයි.

මනෝහර් මහතාගේ ඉල්ලා අස්වීමත් සමග වැඩබලන සභාපතිවරයා ලෙස, මෙතෙක් උප සභාපති ධුරය දැරූ ඉම්රාන් කවාජා මහතා පත්කර තිබෙනවා. ඔහු සිංගප්පූරු ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා වන අතර 2017 වසරේදී අයිසීසී උප සභාපති තනතුරට පත්විය.

ඒ අනුව නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගන්නා තෙක් කවාජා මහතා සභාපති තනතුරේ කටයුතු කරනු ඇත.

මීලඟ සභාපතිවරයා කෙටි කාලයක් තුළ තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානමින් සිටින අතර මේ වනවිටත් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් ඒ සඳහා සූදානමින් සිටී. වැඩබලන සභාපතිවරයා ලෙස පත් වූ ඉම්රාන් කවාජා, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි, එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති කොලින් ග්‍රේව් යන නම් ඒ අතරින් ඉදිරියෙන්ම කියවේ.

UN