ක්‍රිකට් පාවාදීම් ගැන උපුල් තරංගගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි

ක්‍රිකට් පාවාදීම් ගැන උපුල් තරංගගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි

1 July 2020 02:30 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික උපුල් තරංග අද (01) ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබිණි. ඒ අනුව ඔහු අද පෙරවරු 10.15 ට පමණ එම ඒකකය වෙත පැමිණියේය.

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූ බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාලවයි උපුල් තරංග අද කැඳවා තිබුණේ.

ඒ අනුව ඔහු පැය දෙක හමාරකට ආසන්න කාලයක් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයෙන් නිළධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබිණි.

2011 ලෝක කුසලාන සමයේදී ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ඊයේ මෙම ඒකකය වෙත කැඳවා තිබූ අතර ඔහුගෙන් පැය පහ හමාරක් පමණ ප්‍රශ්න කර තිබිණි. ඊට පෙර, තරග පාවාදීම් සම්බන්ධයෙන් හෙලිදරව් කළ මහින්දානන්ද අළුත්ගමගේ මහතාගෙන්ද ප්‍රශ්න කළේය.

UN