කොදෙව් කණ්ඩායම එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට සූදානම් - එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ස්ටෝක්ස්ට

කොදෙව් කණ්ඩායම එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට සූදානම් - එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ස්ටෝක්ස්ට

3 June 2020 08:36 pm

කොවිඩ් වෛරසයේ අවදානම හේතුවෙන් පසුගිය මාස දෙක හමාරක කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි රැසක් අතහැර දැමීමට සිදුවිය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත 20/20 ලෝක කුසලානය ඇතුළු තරගාවලිය රැසක් පැවැත්වීමට සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

මේ අතර ලබන මාසයේදී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකම කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තයයි.

එංගලන්තයේ සංචාරය කිරීම සඳහා කොදෙව් ටෙස්ට් කණ්ඩායම දැනටමත් නම්කර තිබේ.

මේ අතර ජුලි 08 වැනිදා ආරම්භවීමට නියමිත කොදෙව්-එංගලන්ත පළමු ටෙස්ට් තරගය සඳහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක් ජෝ රූට්ගේ සහභාගීත්වය අවිනිශ්චි වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ඔහුගේ බිරිඳ දෙවන දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටීමයි.

ජෝ රූට් අදාල තරගයට සහභාගි නොවූවහොත් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුලි 08 වැනිදා Ageas Bowl හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැත්වේ.

UN