T20 ලෝක කුසලානයේ ඉරණම ජුනි 10 වැනිදා තීරණය වෙයි

T20 ලෝක කුසලානයේ ඉරණම ජුනි 10 වැනිදා තීරණය වෙයි

29 May 2020 05:00 pm

වසර අග ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙන 20/20 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීම ජුනි 10 වැනිදා දක්වා කල්දමා තිබෙනවා. ඊයේ දිනයේදී තරගාවලිය පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට නියමිතව තිබුණද එය ලබන 10 වැනිදා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම දක්වා කල්තබා තිබෙනවා.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් විකල්ප තුනක් ඉදිරිපත් වී ඇත. පළමුවැන්න තරගාවලිය 2021 වසරේ පෙබරවාරි - මාර්තු මාසවලදී පැවැත්වීමයි. එසේ නැතහොත් තරගාවලිය 2021 ඔක්තෝබර් හෝ 2022 ඔක්තෝබර් දක්වා කල් දැමීමටද යෝජනා වී තිබෙනවා.

පළමු විකල්පය සඳහා මේ වනවිටත් ඉන්දියාවේ විරෝධය එල්ල වී ඇති අතර ඔවුන් පවසන්නේ එසේ වුවහොත් ඉන්දියාවේ තරග කාලසටහන බරපතල අර්බුදයකට ලක්වන බවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසන්නේ තරගාවලිය අතහැර දැමුවහොත් එය ඕස්ට්‍රේලියාවට බරපතල පාඩුවක් වනු ඇති බවයි. එය දැනට ගණන් බලා ඇති පරිද ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 80 ක් බවයි එම ආයතන පෙන්වා දෙන්නේ.

UN