ආසියානු XI - ලෝක XI ක්‍රිකට් තරගාවලිය සඳහා මාලිංග සහ තිසර පෙරේරා

ආසියානු XI - ලෝක XI ක්‍රිකට් තරගාවලිය සඳහා මාලිංග සහ තිසර පෙරේරා

25 February 2020 06:30 pm

ලබන මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග සහ තිසර පෙරේරා තෝරාගෙන තිබෙනවා. ඒ ආසියානු කණ්ඩායම වෙනුවෙනි.

බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ උපන් දිනය සැමරීම නිමිත්තෙන් මෙම තරගාවලිය සංවිධානය කරන්නේ බංග්ලාදේශ් ක්‍රිකට් ආයතනයයි. ඩකාහිදී මාර්තු 21 - 22 යන දිනවල පැවැත්වෙන මෙම තරගාවලිය 20/20 තරග දෙකකින් සමන්විත වේ.

ආසියානු කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවෙන් ෂිකාර් ධවාන්, රිෂාබ් පන්ට්, කුල්දීප් යාදව්, මොහමඩ් ෂමි යන ක්‍රීඩකයන් සහභාගි වන අතර මීට අමතරව විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් එක් තරගයකට හෝ සහභාගි කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි බංග්ලාදේශ් ක්‍රිකට් ආයතනය පවසන්නේ. මීට අමතරව ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග, තිසර පෙරේරා, ඇෆ්ගනිස්තානයෙන් රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, බංග්ලාදේශයෙන් ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහ්මදුල්ලා, මුස්තෆිසුර් රහ්මාන් සහ නේපාලයෙන් සන්දීම් ලමිචේන් ආසියානු කණ්ඩායමට එක්වේ.

ලෝක කණ්ඩායම නියෝජනය කරමින් කොදෙව්හි ක්‍රිස් ගේල්, නිකොලස් පූරන්, කිරන් පොලාර්ඩ්, ෂෙල්ඩන් කොට්‍රල්, එංගලන්තයෙන් ඇලෙක්ස් හේල්ස්, ජොනී බෙයාස්ටොව්, නවසීලන්තයෙන් මිචෙල් මැක්ලීනගන්, දකුණු අප්‍රිකාවෙන් ෆැෆ් ඩුප්ලෙසි, ලුන්ගි න්ගිඩි, ඕස්ට්‍රේලියාවෙන් ඇන්ඩෘ ටයි, සහ සිම්බාබ්වේ බ්‍රෙන්ඩන් ටේලර් තරගාවලියට එක් වේ.

UN