සිම්බාබ්වේ යන ටෙස්ට් සංචිතය නම් කරයි

සිම්බාබ්වේ යන ටෙස්ට් සංචිතය නම් කරයි

14 January 2020 05:01 pm

ටෙස්ට් තරග දෙකකින් සමන්විත සිම්බාබ්වේ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට හිමිව තිබේ.

පසුගිය පකිස්තානු සංචාරය සඳහා නම්කර සිටියද ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් එම සංචාරය අහිමි වූ සුරංග ලක්මාල් නැවතත් සංචිතයට පැමිණ ඇති අතර එය සිදුව ඇති එකම වෙනස්කම වේ. පකිස්තානු සංචාරය සඳහා සහභාගි වූ සෙසු සියලු ක්‍රීඩකයන් සිම්බාබ්වේ සංචාරය සඳහා නම්කර සිටී.

තරගාවලියේ පළමු තරගය ජනවාරි 09 වැනිදා හරාරේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. දෙවැනි තරගය 27 වැනිදා ආරම්භ වන අතර එම තරගය ද හරාරේ ක්‍රීඩාංගනයේදීම පැවැත්වේ.

නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනන්ජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්