ස්ලිංගා මාලිංග එංගලන්තයේදී ලක්ෂ 250 කට විකිණෙයි

ස්ලිංගා මාලිංග එංගලන්තයේදී ලක්ෂ 250 කට විකිණෙයි

17 October 2019 02:32 pm

මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එංගලන්තයේදී ස්ටර්ලිං පවුම් 125,000 කට හෙවත් රුපියල් ලක්ෂ 280 කට අලෙවි වී තිබෙනවා. ඒ ලබන වසරේදී එංගලන්තයේ පැවැත්වෙන පන්දු සියයේ - The Hundred - ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදීය. 

එම වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයන් හයදෙනා අතර ලසිත් මාලිංග සිටින අතර ඔහුට අමතරව පවුම් 125,000 කට අලෙවි වූ සෙසු ක්‍රීඩකයන් වන්නේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, ‍බ.ඉ. කොදෙව්හි ක්‍රිස් ගේල් හා දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩාය.

The Hundred යනු ලෝක ක්‍රිකට් පිටියේ නවතම තරග අංශයයි. මෙහිදී එක් කණ්ඩායමකට මුහුණදීමට සිදුවන පන්දු ප්‍රමාණය 100 කි. 20/20 තරග නීති රීතිවලට අනුව මෙම තරග පැවැත්වේ. පළමු පන්දුවාර 15 එක් පන්දුවාරයකට පන්දු 06 බැගින් ක්‍රියාත්මක වන අතර අවසන් පන්දුවාරය පන්දු 10 කින් සමන්විත වේ. 

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු 2017 වසරේදී ඒ සඳහා අනුමැතිය හිමි විය. ඒ අනුව පළමු තරගාවලිය 2020 වසරේ ජූලි 17 වැනිදා සිටි අගෝස්තු 16 වැනිදා දක්වා පැවැත්වේ. 

මෙම තරගාවලියේ සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධනය. ඔහු මෙම වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතාවය දිනාගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

UN