ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී ඊයේ (12) කෙන්යානු ජාතිකයෙක්, මිනිසාට කිසිදාක අත්පත් කර ගත නොහැකි වේ යැයි සිතූ මැරතන් වාර්තාව තැබුවේය. ඒ, පැය 2 කට අඩු කාලයක් ඇතුළත මැරතන් තරගයක් නිම කිරීමයි.
Eliud Kipchoge - එලියුඩ් කිප්චෝගේ මෙම අසමසම වාර්තාව තැබුවේ පැය 1, මිනිත්තු 59 ක් සහ තත්පර 40 ක් ඇතුළත ය.
ඒ දක්වා මේ සම්බන්ධයෙන් පැවති හොඳම තරග කාලය පැය 2 තත්පර 48 කි.
මේ සමගම ඊයේ දිනයේදී ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ඨතම - විශිෂ්ටතම සහ දක්ෂතම මැරතන් ධාවකයා වශයෙන් එලියුඩ් කිප්චෝගේ ඉතිහාසයට එක් විය.
මැරතන් තරගයක සම්මත දුර ප්‍රමාණය - සැතපුම් 26.2188 ක් හෙවත් කිලෝමීටර 42.195
Ineos නමැති රසායන නිෂ්පාදන සමාගම විසින් මේ තරගය සංවිධානය සඳහා පවුම් මිලියන 15 ක් වෙන් කර තිබිණි. තරග සංවිධාකයන්ගේ පැවති විවිධ දුර්වලතා හේතුවෙන් මේ කෙන්යානු මැරතන් ශූරයා පවා මේ තරම් විස්කමක් මේ තරගයේදී කළ හැකි වේ යැයි බලාපොරොත්තු වූයේ නැති බව ගාඩියන් පුවත් සේවය පවසයි.
එලියුඩ් කිප්චෝගේ ලෝක මැරතන් ධාවන ක්ෂේත්රයට අලුත් නමක් නොවේ. ඔහු නිල මැරතන් ලෝක වාර්තාවට, ඔලිම්පික් මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියයි.
Eliud Kipchoge was flanked by pacesetters throughout the race CREDIT: REUTERS
එලියුඩ් කිප්චෝගේ තරගයට සහභාගි වූයේ සුදු බැනියමකින් සහ අසාමාන්‍ය Nike සපත්තු දෙකකින් සැරසීගෙන ය. අනෙක් ක්‍රීඩකයන් සමග ආරම්භක රේඛාවේ සිටගෙන සිටියදී පවා ඔහුගේ වෙනස් ස්වරූපය කැපී පෙනුණේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි, කාබන් ප්ලේට් සහ foam midsole තාක්ෂණයෙන් එම පාවහන් සන්නද්ධ වූ අතර, ක්‍රීඩා තාක්ෂණය ද මේ ලෝක වාර්තාව තැබීම සඳහා ඔහුට රුකුලක් වන්නට ඇත.
Eliud Kipchoge at the start line ahead of his history-making feat CREDIT: AFP
නමුත් මේ වන විටත් අන්තර්ජාලයට මුදා හැරී ඇති එලියුඩ් පිළිබඳ වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ ජයග්‍රහණයේ මහා රහස වූයේ අප්‍රතිහත ධෛර්යය සහ ස්වයං විනය බවයි.
2021-01-20 11:00:00
2021-01-20 09:42:00
2021-01-20 09:23:00
2021-01-20 08:37:00