ශ්‍රී ලංකා - පකිස්තාන් සීමිත ඕවර් තරගාවලියේ සත්කාරකත්වයට සාජා සූදානම්

ශ්‍රී ලංකා - පකිස්තාන් සීමිත ඕවර් තරගාවලියේ සත්කාරකත්වයට සාජා සූදානම්

13 September 2019 08:17 pm

අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තානු සංචාරයේ සත්කාරකත්වය දැරීමට සූදානම් බව සාජා ක්‍රීඩාංගනයේ පාලනාධිකාරිය සූදානම් බව පවසනවා. එම තරගාවලිය පකිස්තානයේ පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා සත්කාරකත්වය දැරීම සතුටින් භාරගන්නා බවයි ඔවුන් පවසන්නේ.

ආරක්ෂක හේතූන් මත පකිස්තානු සංචාරයට සහභාගි වීම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක් ප්‍රතික්ෂේප කළ අතර කෙසේ වෙතත් නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ශ්‍රී ලංකා බලධාරීන් මේ වනවිට නම්කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව වාර්තා වීමත් සමග තවමත් මෙම තරගාවලියේ අවිනිශ්චිත මට්ටමේ පවතී.

සාජා ක්‍රීඩාංගනයේ පරිපාලක මෂාර් ඛාන් මහතා පවසන්නේ මේ වනතෙක් සත්කාරකත්වය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති නමුත් තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩාංගනය ලබාදීමේ හැකියාවක් පවතින බවයි. පසුගිය වසර 40 ක කාලයක් තිස්සේ දෙරටම සාජාහිදී තරගවලට සහභාගි වී ඇති බැවින් ඔවුන්ට සත්කාරකත්වය ලබාදීමට කැමැත්වෙන් පසුවන බව ද ඔහු පවසනවා.

වසර අගදී ඇෆ්ගනිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලිය සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර කෙසේ වෙතත් එම තරගාවලිය අත්හැර දැමීමට මේ වනවිටත් ඇෆ්ගනිස්තානු බලධාරීන් තීරණය කර තිබෙනවා.