20/20 සුක්කානම නැවතත් මාලිංගට

20/20 සුක්කානම නැවතත් මාලිංගට

24 August 2019 02:35 pm

නවසීලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20/20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව ලසිත් මාලිංගට ලබා දී තිබෙනවා. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නිරෝෂන් දික්වැල්ල උපනායකයා ලෙස නම්කර තිබෙනවා.

මීට පෙර දකුණු අප්‍රිකාව සමග අවසන් වරට ක්‍රීඩා කළ 20/20 තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ලහිරු මදුෂංක මෙවර සංචිතයට කැඳවා තිබේ.

එම තරගාවලියට සහභාගි වූ සුරංග ලක්මාල්, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනන්ජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන් නවසීලන්තය සමග තරගාවලියෙන් ඉවත් කර තිබේ.

20/20 කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති බව පසුගියදා වාර්තා වූ අතර ඇතැම් ක්‍රීඩකයන් ලසිත් මාලිංගගේ නායකත්වය ප්‍රතික්ෂේප කරන බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කළේ. මේ වනවිට ටෙස්ට් හා එක්දින කණ්ඩායම දිමුත් කරුණාරත්න යටතේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින අතර 20/20 කණ්ඩායම තුළ එවැනි වර්ධනයක් ඇතිව තිබේද යන්න තරගාවලිය ආරම්භවීමෙන් පසුව ඔප්පු වනු ඇත.

UN