අකිලට නැවතත් දමා ගැසීමේ ‍චෝදනා ! වසරක තරග තහනමක්?

අකිලට නැවතත් දමා ගැසීමේ ‍චෝදනා ! වසරක තරග තහනමක්?

20 August 2019 12:39 pm

පසුගියදා ගාල්ලේදී අවසන් වූ ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තර‍ගයෙන් පසු ශ්‍රී ලංකා පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට නැවතත් පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

එම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් දෙදෙනා ලෙස කටයුතු කළ එංගලන්තයේ මයිකල් ගෆ්, රිචර්ඩ් ඉලිංග්වර්ත් සහ තරග තීරක සිම්බාබ්වේහි ඇන්ඩි පයික්‍රොෆ්ට් ICC ය වෙත ලබාදුන් වාර්තාවල සඳහන් වන්නේ අකිල ධනංජගේ පන්දු යැවීම සැක සහිත බවයි. මීට අමතරව නවසීලන්ත නායක කේන් විලියම්සන්ටද මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

මේ මාසය 10 ක කාල සීමාව තුළ පන්දුව දමා ගසන බවට අකිලට චෝදනා එල්ල වූ දෙවැනි අවස්ථාවයි.

මීට පෙර ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහු ඇතැම් පන්දු යවන විට ඔහුගේ අත අංශක 15 ට වඩා නැවෙන බව තහවුරු වූ අතර පසුව එම තත්ත්වය නිවැරදි කර ගැනීමෙන් පසු නැවත තරගවලට එක්වීමට ඔහුට අවස්ථාව හිමි විය.

ඉදිරි දින 12 ක කාලය තුළ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර එහිදී නැවතත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බව හෙළි වුවහොත් අකිලට වසරක තරග තහනමක් පැනවෙනු ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ICC නීතිවලට අනුව යම් පන්දු යවන්නෙකු වසර දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බව ඔප්පු වුවහොත් ඔහුට වසරක තරග තහනමක් පැනවෙනු ඇත.

එසේ වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට, දැඩි බලපෑමක් එල්ල වනු ඇත. විශේෂයෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව ඉදිරි වර්ෂයක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරන්නේ ආසියානු කලාපය තුළයි. ද ඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර ආසියානු තනතිලිවල අකිල නොමැතිව ක්‍රීඩා කිරීම කණ්ඩායමට සැලකිය යුතු අවාසියක් වනු ඇත.

UN