ආගරපතන, හෝල්බෘෘක්, බැල්මොරල් වත්තේ ලෝව ක්රැන්ලි කොටසේ අතුරුදහන්ව සිටි දෙහැවිරිදි කුඩා සිගිති දරුවා පැය 18 කට පමණ පසුව අද (20) එම තේ වත්තේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී හමු වූ බව ආගරපතන පොලීසිය පවසයි.
යසව් විදාර් නැමැති මෙම කුඩා පිරිමි දරුවා ඊයේ (19) සවස 4.00 සිට පමණ නිවසින් අතුරුදහන්ව සිට ඇති අතර පසුව ආගරපතන, ඩයගම යන පොලීසි හා තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව මෙම දරුවා සොයා ගැනීමේ කටයුතුවල නිරත වූහ. පසුව අද (20) උදෑසන සිදු කරනු ලැබු සොයා බැලීමේදී මෙම දරුවා තේ වතුයායේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී ආගරපතන පොලීසියේ නිලධාරීන්ට හා වතු කම්කරුවන්ට හමුව තිබිණි.
මෙම අතුරුදහන්ව සොයා ගනු ලැබු දරුවා මව වන ෂෙන්නි හා පියා වන ප්රදීබන් යන අය දෙමාපියන් සමග කොළඹ ප්‍රදේශයේ සිට ආගරපතන, හෝල්බෘෘක්, බැල්මොරල් වත්තේ සිටින නෑදෑ නිවසකට පැමිණ සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි පොලීසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා පැහැර ගෙන ගොස් රාත්‍රී කාලයේ රඳවා තබාගෙන පසුව මුදා හරින්නට ඇති බවට පොලීසිය සැක කරයි.
තේ වතුයායේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් සිටියදි හමු වූ දරුවා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ආගරපතන රෝහලට ඇතුළත් කොට ඇති අතර එම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශයෙකු පැවැසීය.
මෙම දරුවාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබයි.
කේ. ක්‍රිෂාන්තන් - තලවකැලේ
2019-12-11 16:47:00
2019-12-11 15:28:00
2019-12-11 14:15:00
2019-12-11 13:49:00
2019-12-11 12:41:00