ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම ඊයේ (20) සිදුවිය.
පලිනි දිගම්බරම් හා ගයාන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් සහ ශ්‍රි ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් ශ්‍රි පාත් අම්මි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කරනු ලැබුවේ.
එම නිවාස යෝජනා ක්‍රමය එබ්රහම් සිංයෝ ගම්මානය වශයෙන් නම් කර තිබේ.
පර්චස් 7 ක ඉඩම් කැබැල්ලක සියළුම පහසුකම් සහිතව එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනීපාරක්ෂක පද්ධතියක් ඇතුළු මං මාවත් ,විදුලිය සහ පානීය ජලයද මෙම නිවාස යෝජනා ක්රමයේ සමන්විත වන අතර මෙම එක් නිවසක් වර්ග අඩි 750 කින් සමන්විත වෙයි.
මෙම නිවාස යෝජනා ක්රමයේ එක් නිවසක් සදහා ඉන්දියානු රජයෙන් රු ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදි ඇති අතර කදුරට නව ගම්මාන අමාත්‍යංශයෙන් එම එක් නිවසක් සදහා රු ලක්ෂ 2 ක් ඇතුළු එක් නිවසකට රු ලක්ෂ 12 ප්‍රතිපාදන යටතේ මුළු නිවාස 150 සදහා රු මිලියන 170 ක ප්‍රතිපාදන වැය කර ඇත.
වත්මන් රජයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වන නව වතු නිවාස යෝජනා ක්‍රමයට අමතරව අතිගරු ජනාධිපති මෛත්‍පාල
සිරිසේන සහ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ ඉන්දියානු රජයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නිවාස යෝජනා ක්‍රමය ඉදිකර වතු කම්කරු අයිතියට පත් කර තිබේ.
එම නිවාස සදහා හිමිකම් ඔප්පුවක්ද රජය මගින් ලබා දී තිබේ.
ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙවැනිම වතු නිවාස යෝජනා ක්‍රම ගණනාවක් වතුකරයේ ඉදි වෙමින් පවති.
මෙම නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමේ අවස්ථාවට විශේෂ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යය වී.රාධා ක්‍රිෂ්ණන්, නුවරඑළිය දිස්ත්‍රික් පා.ම මයිල්වාගම් තිලකරාජ් මහතාද සහභාගි විය.
චමත් කාවින්ද / කේ.ක්‍රිෂාන්තන්
2021-01-20 12:30:00
2021-01-20 12:30:00
2021-01-20 12:15:00
2021-01-20 12:00:00